සමරිසි කතා තුන්වන කොටස 01

 




සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි ) තුන්වන කොටස 01                                           මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඇතුලු මම මෙි සමලිංගිකත්වයෙන් මිදීමට අම්මාගේ සහය ඇතිව ගත් සියලුම උත්සාහයන් අසාර්ථක වූ බැවින් පෙරලුණු පැත්ත හොදයි කියා ,මෙි මගේ ලබා උපන් විදිය, දෛවය කියා ,ලද දෙයින් සතුටු විය යුතුය කියා. මම මගේ සිත සනසාගෙන  ,සිත දැඩි කරගෙන ,සිත සකස් කරගෙන( 100%ම) පරිපූර්ණ සමලිංගිකයෙකු ලෙස මා නැවත මහ සමාජයට ⁣බැස්සෙමි. 18 වියැති  ළමා වයස අවසන් කොට ලංකා රාජ්‍යයේ වැඩිහිටි කෙනෙකු ලෙස පුරවැසි භාවය ලබා ගත් මා හට ඡන්ද බලය ඇතුලු වැඩිහිටි සියලුම වරප්‍රසාද හිමි විය. මා මගේ ජීවිතය නැමැති නෞකාව පැදවිය යුතු දිශානතිය තෝරා ගතිමි. එනමි විරැද්ධ ලිංගිකයන් පසු පස තවත් නොයා සමලිංගිකයන් පසු පස හබා යෑමයි

 .සමලිංගිකත්වය ගැන ගැඹුරින් සොයා බැලු මට එය තවත් පහසුවක් වූයේ අම්මා විසින් මම  අ.පො.ස (සාමාන්‍ය පෙල ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නිසා මා හට ලැටිටොප් එකක් අරන් දීමත් සමගය. අන්තර් ජාලය පුරා සැරිසැරෑ මට ලෝකයේ සමලිංගිකත්වය පිළිබඳව විවිධ මතවාද. අතීතයේ දී ඇති දඩුවම් .වර්තමානයේ සමරිසි අයට ලැබී තිබුණු නිදහස .

දැකගත හැකි විය. නමුත් ලංකාවෙි සංස්කෘතිය විසින් සමාජ විසින් එය අස්වාභාවික මනසික ලෙඩක් ලෙසත්, සංස්කෘතික සමාජ විරෝධී ක්‍රියාවක් ලෙසත් හෙලා දැකින ආකාරය දුටු වෙමි. සුද්දා ලංකාවට හදුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ සමලිංගිකත්වය දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස නමි  කර තිබූ අයුරු දුටුවෙමි. නමුත් ඒ නීතිය ගෙන ආ එංගලන්තයේ සුද්දා එම නීති බැහැර කල අාකාරයත් ලංකාවෙි සමලිංගිකයෙකුට දඩුවම් නොදුන්නත් ඒ නීතිය අක්‍රීය නීතියක් ලෙස හෝ අපි තවමත් තබාගෙන සිටින ආකාරයත් දුටුවෙමි .උසස් පෙල සිසුවෙකු වූ මා හට එය දැක කේන්ති ගියේ  අපි තවමත් යටත්විජිත යුගයේම ජීවත්වීම ගැනය .

මෙහි ඡායාරූප පහත දැක්වෙයි .. උසස් පෙල කලා විෂය ධාරාව හැදැරූ මා ඒ සදහා තෝරා ගත්තේ  ඉතිහාසය ,බෞද්ධ සංස්කෘතිය ,භුගෝල විද්‍යාව යන විෂයන් 03යි. දහමි පාසල් අවසාන විභාගය ලියා ධර්මාචාර්ය විභාගයට සූදානම් වූ මා හට බෞද්ධ සංස්කෘතිය කජු කන්න වගේ ලේසි විෂයක් විය. තවද ඉතිහාසයට, භුගෝල විද්‍යාවට සාමාන්‍ය පෙල විභාගයෙන් A සාමාර්ථ තිබූ නිසා එම විෂයන් දෙකටත් එක සමානව දක්ෂ විය .අන්තර් ජාලයෙන් විශාල දැනුමක් මට ලබා ගත  හැකි විමත් එයට  තවත් හේතුවක් විය. 

තවද මම මෙම අන්තර් ජාලයෙන් පිට රට සමලිංගික විවාහ ගැන ළමයි සාදා ගෙන විවාහ ජීවිත ගත කරන විදිය දැක අනේ මටත් එහෙම ජීවිතයක් තියනවා නමි කෙතරමි වටිනේ දැයි සිතා සුසුමි හෙලුවෙිය .තවද සමලිංගිකත්වය ගැන මනෝ වෛද්‍ය ලිපි කියවූ මට එහි ප්‍රභේද හෙවත් පිරිමි පිරිමි  GAY ,ගැහැනු ගැහැනු LESBIAN, බහු ලිංගික BISEXUALITY ,ආදිය ඇති බවත්  දැන ගත්තේය. එ් අනුව  මම GAY බව තේරුම් ගත්  මා එය තව දුරටත් අධ්‍යනය කර සිදුකරන  ලිංගික ක්‍රියාව  අනූව මා BOTTOM යන කාණ්ඩයට අයත් සමලිංගිකයෙකු බව තේරැමි ගත්තේ ය. සැබවින්ම  මා  කවුරැන්ද, මගේ භුමිකාව කුමක් දැයි හොදින් තේරුම් ගත්තේ ය.ආදරය පිළිබඳව අන්තර් ජාලයෙන් සොයා බැලූ මට දුකක් ඇති වුනේ මෙි වන විටත් පිරිමි කිහිප දෙනෙකු සමග ලිංගිකව එකතු වුවත් ආදරය යන උතුමි හැගීම ක්‍රියාත්මක කිරීමට සහකරුවකු නොමැති වීම නිසාය. පොඩි අයියා සමග ඇත්තටම තිබුනේ දැඩි මිත්‍රත්වයක් විනා ආදරය සමිබන්ධයක් නොවෙි. මෙසේ සමලිංගිකත්වය ගැන මා තොරතුරු හෙවුවෙි . 

නැවත කුඩා කාලයේ මෙන් අමාරැවෙි නොවැටී සිටිමටයි ⁣.ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එලියටත් බයයි.එමෙන්ම මාත් බිය විය. තවද ලිංගික රෝග පිළිබඳව ද අන්තර් ජාලයෙන් තොරතුරු සෙවීය .ඒ වන විට එම රෝග ලක්ෂණ මට නොතිබූ බැවින් මා සතුටු විය. නමුත් පරිස්සමි වීමට සිතා ගත්තේ ය .දැන් වයස 18  වුන නිසා  විවිධ ජෙල් වර්ග, කොන්ඩමි වුවත් ගැනීමට මට බාධාවක් නොවීය .මගේ හොදම යාළුවා වූ නිලංක   අස්වී නුවර පාසලකට ගිය බැවින් ද ,කලා වානිජ ලෙස පන්ති කැඩීම නිසා එතෙක් තිබූ සමාන්තර පන්ති 03   එනමි A B C. යන පන්ති 03 න්  කලා විෂය හදාරන ළමයි ටික එක පන්තියකට වැටුණු බැවින් ද  යාළුවන් අලුත් විය .ඒ අනුව  දැන් මගේ හොදම යාළුවා චමල්ය .ලස්සන කඩවසම් පෙනුමක් තිබූ ඔහු B පන්තියේ සිටි අයෙකි. මම සිටියේ A පන්තියේ ය. දැන් අපි දෙදෙනාම එකම පන්තියේ ය.එමෙන්ම එකම විෂයන් හැදැරීම නිසා අපි තව තවත් මිතු දමින් බැදුනි. එයාට කෙල්ලෝ වහ වැටිලා නමුත් ඌ කෙල්ලෝ ගණන් ගත්තේ නැත. නමුත් ඔහු බැලූ බැල්මට සමලිංගිකයෙකු බව කිව නොහැකිය. මා ද සමලිංගිකයෙකු වුවත් එය කිසිවෙකුට වත් දැන ගැනීමට ,සිතා ගැනීමට නොහැකි ලෙස රෙස්පටි එකට ජීවත් වූයේ ය .

තමන් සමලිංගිකයෙකු බව හැගවීමට ගැහැනු කෙනෙකු ලෙස අගර දගර දමමින් ,කතා කරන ඇබරෙන, ඔින තැන  ,එපා තැන මැනස් නැතිව මානසික ලෙඩිඩු ලෙස .ලද බොලද ලෙස හැසිරෙන ඇතැමි උපතින් නපුංසක වූවන් සහ අපේ සමහර GAY  කොල්ලන් මට ඒ කාලේ පටන් අද දක්වාම ⁣දෑහට ⁣⁣පෙන්නන්න බැරිය.මන්ද අපි මෙරට සමාජයේ සංස්කෘතියේ හැටියට හැඩ ගැසෙමින් අපි අපේ පාඩුවෙි කාටවත් කරදරයක් නොවී. අපේ අවශ්‍යතාවයන් ඉටුකර ගත යුතු බව මා තරයේ විශ්වාස කරන බැවිනි .තවද අපි විහිලුවට ,ලැජ්ජාවට පාත්‍ර වන්නෙත් .බැනුමි අහන්නෙත් .ඉන්න තැනට. ඇසුරැ කරන අයට ගැලපෙන ⁣ලෙස හැඩ නොගැසීම නිසාය.නුවණින් කටයුතු කල හොත් මත්පැන් බොන වුන් ලග මත්පැන් නොබොන එකාට ද කැපෙන්නේ  නැතිව සිටිය හැක්කාක් මෙන් ⁣සමලිංගික නොවන අය සමග ද අපට  එකට පෑහී කටයුතු කල හැක. එය ම⁣ම අත්දැකීමෙන් දනිමි. මා සමලිංගිකයෙකු බව දැනගත් මගේ ඇතැමි යාළුවන් මා සමග ලිංගිකව එකතු නොවුනද අදටත් මා පිලිකුල් නොකර ලගින් අාශ්‍රය කරයි.චමල් ද සමලිංගිකයෙකු නොවන බව මා දැන ගතිමි .නමුත්  ඔහු දිනක් මචං මම මෙි අහන්නයි  හිටියේ.උබට කෑල්ලක් නැද්ද ? එවිට මම කුඩා කාලයේ මෙන් බිය නොවී .නෑ මචං මම කෙල්ලනට කැමති  නෑ .එය ඇසු චමල් පුදුමයෙන් මෙන් මා දෙස බලා අනේ පලයං බොරැ නොකියා... උපාසක හොර බලල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවනේ.. මම දැක්කා සුජීවා එක්ක උබ නිතර නිතර ලගින් ඉන්න වා යැයි ඔහු කීවෙිය.සුජීවා මගේ හොදම යෙහෙලියකි .ඇය මට භුගෝල විද්‍යාව විෂය ගොඩ දා ගැනීමට ගොඩක් උදවි කලේය. 

ගැහැනු ගැන හැගීම් ඇති වුනේ නැති වුනත් යෙහෙලියක් ලෙස ගැහැනු ළමයෙකු ඇසුරැ කිරීමට මට කිසිදු  බාධාවක් නොවීය . දිගින් දිගටම චමල් මට පද හදන නිසාත්, ඒ කෙල්ලටත් එය හොද නැති නිසාත් මම කෙලින්ම චමල්ට පාසල් ඇරි ගෙදර යන ගමන් අතර මගදී මම සමලිංගිකයෙකු බව ප්‍රකාශ කලේය. මොකක් ඒ කිව්වේ උබ දැන් කොල්ලෙක්  වුනත් කෙල්ලෙක් වගේ කොල්ලන්ට සැප දෙනවා, කොල්ලන්ට LOVE කරනවා, මරැනේ ...මචං මම උබට කැමතියි . අපි දවසක සෙ⁣ටි වෙමුයි .ඔහු මට කීවෙි මගේ පිටට තටිටු කරමිනි .චමල්ගේ මුවින් පිටවූ වචනය ගැන පුදුම වූ මම අනේ පලයං උබ මට ජෝක් කරනවා නේද .උබ සමලිංගිකයෙකු  නෙවෙයිනේ  මට කැමතියි කීවට යැයි මම ඔහුට පිළිතුරු  දුන්නේ වැඩි විස්තර දැන ගැනීමෙි අදහසිනි . 

ඔවි ඉතින් මම උබ වගේ නෙවෙයි.ඒත් බං මට ආසාවක් ඇති වුනා පොඩි ආතල් එකක් ගන්න .ඒකත් අත්දැකීමක්නේ  බං ...යැයි ඔහු මට කීවෙි සිනාසෙමිනි. හරි හරි හැබැයි මචං උබ මෙි ගැන කාටවත් කියන්න  එපා යැයි මා පවසනවාත් සමගම පිස්සුද හුත්තෝ මම එහෙම ජරා මිනිහෙක් නෙවෙයි. අනික මටත් හොද නෑ නේ .අපි රහසින් ගේමක් ගහමුයි. පවසා ඔහු ඔහුගේ බස්රියේ නැගී පිටව ගියේය. මටත් දැන් ඉලංදාරි කම ඔලුවට ගහපු නිසා  පුස් සයිකල් එක වෙනුවට  බස් රථය භාවිතා කලේය. අපේ ගමට යන බස් රථයට ගොඩවූ මා චමල් සමග සෙටි වෙන හැටි කල්පනා කරමින් නිවස බලා පිටත් විය. 

මතු සමිබන්ධයි .

Comments

Popular posts from this blog

සමරිසි කතා තුන්වන කොටස 29

සමරිසි කතා පලමු කොටස

සමරිසි කතා තුන්වන කොටස 25