සමරිසි කතා දෙවන කොටස 06
සමරිසි කතා (සත්‍ය සිදු වීමක් ඇසුරිනි )දෙවන කොටස 06
ආරාමයේ නායක හිමියන් මා පිළිබඳව පැහැදීමක් ඇති කරගෙන තිබුණි .එම ආරාමය සුන්දර වන ලැහැබකින් යුතු සිත නිවන පරිසරයකින් හෙබි ස්ථානයකි .සිටින හිමිවරැගේ සන්සුන් ඉරියව් දැකීමෙන් නිවුණු සිත තව තවත් නිවී සැනසිනි. මෙි ආරාමයේ සවස බෝධි පූජා පැවැත්වූ අතර අම්මා ද මම ඒවාට යනවට විරැද්ධ නොවීය .
දහමි පාසලට ගිය මම වත් පිලිවෙත් පිළිබඳව මනා දැනුමකින් යුක්තව සිටියේය. බෝ මලුව පොල් අත්තේ රටාවට අතුගෑවෙිය. දිනක් මා දෙස බලා සිටි නායක හිමියන් මලුව අතුගාමින් සිටි මා සමීපයට පැමිණ ඔය පුතා මහණ වෙන්න ආස නැද්දැ යි ඇසීය. මහණ වෙන්න යන වචනය ඇසෙත්ම සාංසාරික පුරැද්දකට මෙන් මහණ වීම ගැන මා තුල ආශාවක් ජනිත විය .එහෙමයි හාමුදුරුවනේ මම කැමතියි. ඒත් අම්මා කැමති වෙිවිද දන්නේ නෑ යැයි මා පවසන ලදි. ඒකට කමක් නෑ පුතා අම්මාගේ කැමැත්ත ගන්න උත්සාහ කරන්නකෝ මහණ වෙනවා නමි මා ලගටම එන්න යැයි උන්වහන්සේ මට පැවසීය. ආරාමයේ බෝධි පූජා වලට සමිබන්ධ වීමෙන් මගේ මානසික ආතතිය අඩු වුවත් සමලිංගිකත්වය ගැන සිතේ පැවැති ප්‍රශ්න වලට පිළිතුරක් නොලැබුනි .
නමුත් පත්තරේ මනෝ වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස දන්නවා තිබුනේ ය.නමුත් එකවර මනෝ වෛද්‍ය වරයෙක් ගාවට යන්නේ කෙසේදැයි සිත සිතා සිටි මම දැඩි තීරණයක් ගත්තේ ය. තව ටිකක් බලලා මම අම්මාට කියනවා යැයි අදිටන් කර ගත්තේ ය. දින සති ගෙවී ගියේය අ.පො.ස (සාමාන්‍ය පෙල ) විභාගය ද ආසන්නයටම පැමිණ ඇත. මම ලහි ලහියේ පාඩමි කලේ විභාගය ගොඩ දා ගැනීමටය. අම්මා මා වෙනුවෙන් කල කැපකිරීම් වලට යුතුකම් කිරීමට දැන් කාලය එළඹ තිබෙි.පාසලේ අවසන් වාර විභාගයෙන් පන්තියේ පලමු ස්ථානය මා දිනා ගත්තේ ගුරැ භවතුන් තුලද මා ගැන බලාපොරොත්තුවක් ඇති කරවමිනි .විදුහල්පති තුමා ඇතුලු සියලුම ගුරැ භවතුන් මා අ.පො.ස (සාමාන්‍ය පෙල ) විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ගනීවි යැයි අනාවැකි ප්‍රකාශ කලේය.
මා තව තවත් මහන්සි විය. පාඩමි කලේය .2002 වසරේ පැවැති අ.පො.ස (සාමාන්‍ය පෙල ) විභාගයට සාර්ථක ව මුහුණ දුනි.දීර්ඝ නිවාඩු කාලයේ දී ආරාමයට ගොස් ස්වාමීන් වහන්සේලා ඇසුරැ කල අතර මාගේ පැවිදි ජීවිතයට ඒ අත් දැකීමි උපකාරී විය. අමිමෙි මම ගොඩ හේ්්්්්් යැයි සතුටින් ඉපිල ගිය මා අම්මා බදාගෙන ඉබගෙන ඉබගෙන ගියේය.මොකද පුතේ මෙච්චර සතුටින් මොකද වුනේ යැයි අම්මා විමසුවෙි විමතියෙනි .අම්මෙි ඔන්න ඔයාගේ පුතා විභාගයෙන් ඉහලින් ම පාස් යැයි අම්මාට කියමින් නගරයේ තිබු කොමිනිකේෂන් එකකින් අන්තර් ජාලයෙන් භාගත කරගත් ප්‍රතිඵල ලේඛනය අම්මා අතට දුනි .
බුද්ධ ධර්ම A ,සිංහල A ,ගණිතය B ,විද්‍යාව B ,ඉතිහාසය A,ඉංග්‍රීසි S ,සංගීතය A,භූගෝලයA,සිංහල සාහිත්‍යය A, වානිජ හා ගිණුම් කරණය C මගේ ප්‍රතිඵලයි. අම්මාට සතුටු කදුලු ඉනුවෙිය. මගේ රත්තරං පුතා රජවෙන්න ඔින .රත්නත්‍රයේම පිහිටයි. කියා ආශිර්වාද කල අම්මා මාව සිපවැලැද ගත්තේ උතුරායන මවි සෙනෙහසකිනි .පසු දින පාසල් ගිය මා වටකර ගත් කොල්ලෝ කෙල්ලො ටික මට අවංකවම සුභ පැතුවෙිය. මම ප්‍රථම හොදම ප්‍රතිඵල ගනිද්දී මගේ හොදම යාළුවා නිලංක තුන්වන හොදම ලකුණු ලබා ගෙන තිබුණි. දෙවන ස්ථානය හැමදාම මට පන්තියේ අභියෝගයක් වු ලසන්තිකා දිනා ගෙන තිබුණි . අපි තිදෙනාට විදුහලේ ප්‍රණාමය පුද කරමින් තෑගි භෝග ලබා දීමට විදුහල්පති තුමා ඇතුලු ගුරැ භවතුන් පියවර ගත්තේ ය .
නිලංක ගණිතය අංශයෙන් උසස් පෙල කිරීමට නුවර පාසලකට ගිය අතර මා කලා විෂය ධාරාවම හැදෑරීමට තීරණය කලේය . උසස් පෙල පන්තියේ සිටි මට දැන් වයස 17 කි . වෙනත් පිරිමි ළමයි මෙි වන විට පන්තියේ සිටි ඇතැමි ගැහැනු ළමයි සමග ප්‍රේම සබඳතා ඇති කර ගත්තේ ය. ලලන්ති මනෝජ් / දිල්ෂාන් තුෂානි / වසන්ත නිර්මලා ආදී පාසල් පෙමිවතුන් අද වන විට විවාහ වී දරැවන් ලද මා පියන් වී සිටියි.හැමෝම උත්සාහ කලේ ප්‍රේමයක් ගොඩනගා ගැනීමටයි. එම නිසා මා ද පැරණි කතන්දර අමතක කර කෙල්ලෙක් සමග යාළුවීමට උත්සාහ කලේය. නමුත් පුදුමයකි .මට දැන් කෙල්ලො ගැන කිසිදු ආදරයක් හෝ රාගයක් හෝ ඇති නොවෙයි. මට ආදරය රාගය ඇතිවෙන්නේම කොල්ලෝ ගැන පමණි .
A to z නමි අසබිය පත්තර මම අරගෙන කෙල්ලෝ කොල්ලෝ ලිංගිකව එකතු වෙන කතා කියෙව් වෙමි .ගැහැනු ළමයිගේ නිරැවත් ඡායාරූප එකතු කර ඒවා දෙස බලමින් ස්වයං වින්දනයේ යෙදීමට උත්සාහ කලෙමි .නමුත් ඉන් පලක් නොවීය .මගේ ලිගුව ප්‍රානවත් වූයේ පිරිමි ගැන සිහිකොලොත් පමණකි. මින් අතිශයින් බියටත් මානසික ආතතියටත් පත් වූ මා මත් පැන් පානයට ද හුරැවී බැලුවෙමි . කාන්තා පුලුටක් ගැන කිසිදු හැගීම් මාත්‍රයක් වත් ඇති නොවීය .පත්තරයේ තිබුනු දෙය නිවැරැදි බව අත් දැකීමෙන්ම අවබෝධ කරගත් මා මනෝ වෛද්‍ය උපදෙස් පැතීමට තීරණය කලෙමි. දැන් මා අම්මාට මෙි ගැටලු ව පැවසීය යුතුයි. මට කෙල්ලෙකුට සැප දෙන්න බෑ. මට නගින්නේ නෑ කියලා කොහොමද පුතෙක් අම්මාට කියන්නේ . සහෝදරයෝ නැති. තාත්තා නැති. විශ්වාස වන්ත යාළුවෙක් නැති. මට අම්මා හැර වෙනත් කිසිවෙක්ට මෙය කීමට නොහැකි විය. මා දිනක් මට සමාවෙන්න අමිමෙි බාප්පාගේ සිදු වීමෙන් පසු මට ගැහැනු ළමයි ගැන හැගීමක් ඇති වෙන්නේ නෑ .
මම කැමති පිරිමින්ට. මට මනෝ වෛද්‍ය වරයෙක් හමිබවෙන්න ඔින යැයි මා අම්මාට කියනවාත් සමගම පපුව අල්ලා ගත් අම්මා එකවර සිහිසුන්ව බිම ඇද වැටුනේය. මා බියට පත්වී කෑගසමින් අම්මා නැගිටිටවීමට උත්සාහ කලද ඇය නිහඩය. මා අල්ලපු ගෙදර අංකල් ට කතා කෙලෙමි. අංකල් පැමිණ අම්මා ඔසවා ඇදෙන් තබා වතුර ටිකක් මූණට ඉස බැලුවෙි කුතුහලයෙන් යුතුවය. මගේ හදවත මොහොතක් නතර වූයේ අම්මාට කුමක් හෝ දරැනු දෙයක් සිදුවී දැයි සැකයෙනි .කෙසේ නමුත් අම්මා ඇහැරැණි .මම අම්මා බදාගෙන ඇඩුවෙි අම්මා නැතිව මට ජීවත් වී පලක් නැති නිසාය.මගේ කතාව අසා ඇය කමිපනයට පත්වී සිටියේ . දින දෙක තුනක් ගෙවී ගිය පසු අම්මා පුතේ ලෑස්ති වෙන්න ඉස්පිරිතාලෙට යන්න ඔින යැයි අම්මා කීවෙිය .
මම ප්‍රශ්න නොකර සූදානම් වූයේ අම්මාට බෙහෙත් ගන්න වෙන්න ඇති කියා සිතාය. කුරුණෑගල රෝහලට මා සමග ගිය අම්මා මා කැදවාගෙන ගියේ 46 වෙනි කාමරයටයි .එහි මානසික රෝග සායනය ලෙස ගසා තිබූ බෝඩි එක දුටු මට පොලොව පලාගෙන යන්න සිතුනි .අම්මා කදුලු පිරි දෙනෙතින් මා දෙසබ බලා අපේ අංකය කියූ පසු එම සායනය මෙහෙය වන ප්‍රධාන මනෝ වෛද්‍ය වරිය ලගට මා කැදවා ගෙන ගිය අතර ඇය මදක් මගෙන් ප්‍රශ්න අසා පිරිමි වෛද්‍ය වරයෙක් භාරයට මා දැමීය . අම්මා පොඩිඩක් එලියෙන් ඉන්න කෝ යැයි කියූ වෛද්‍ය වරයා මගෙන් මගේ මානසික ප්‍රශ්නය කුමක් දැයි අසා මට කුඩා කල සිට සිදුවූ සියල්ලම නොසගවා පවසන ලෙස දැනුම් දුන්නේ ය. මා බාප්පා ගේ කතාවෙි සිට පොඩි අයියා ගැන, ගාමන්ට් අයියලා ගැන ,සියල්ල පපොචිචාරණය කලේය. මම කියන වචනයක් නෑර වෛද්‍ය වරයා පොතක සටහන් කර ගත්තේ ය.
මෙි දක්වා ඔබ සියලුම දෙනාට දැන ගැනීම පිණිස මා පල කල සියලුම කතා මා විසින් එදා වෛද්‍ය වරයාට කියු කතාවලින් බිදක් පමණකි.. සියල්ල සටහන් කරගත් වෛද්‍ය වරයා ප්‍රධාන වෛද්‍ය වරිය සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර අම්මා කැදවන ලදි. අමිමෙි වරදවා හිතන එපා මෙි දරැවාට ඔය Cd player එකක් අරන් දෙන්න .ඔය sex video බලන්න දෙන්න . මෙි බෙහෙත් ටික නොකඩවා දෙන්න යැයි .වෛද්‍ය වරයා අම්මාට පැවසීය . වෙනත් දෙමව්පියන් දරැවන් sex video /film බලන එකට විරැද්ධව හඩ නගද්දී .මගේ අම්මා වෛද්‍ය උපදෙස් මත මට අම්මා අදුරන අංකල් කෙනෙක් ලවා ගෙදරටම ඒවා ගෙනත් දුන්නේ ය. වෙලාවට බෙහෙත් බොමින් sxe video / film බලමින් මා උපරිම උත්සාහ ගත්තේ ගැහැනු ගැන රාගයක් උපදවා ගැනීමටයි. දින සති ගෙවී ගියේය.
මම බෙහෙත් බලෙන් ටික ටික කුලෑටි ගති නැති, ලස්සනට අදින පලදින විලාසිතා කරන, ගැහුවොත් ගහන ,චණ්ඩි, දගකාර තරැණයෙකු බවට පත්විය. මගේ චරිතයේ ඇති වූ නව වෙනස්කම් ගැන වෛද්‍ය වරැන්ද ප්‍රසාදයෙන් කතා කල අතර එන්න එන්න බෙහෙත් මාත්‍රාව ද අඩු කලේය. මගේ සියලුම මානසික පීඩා ඉගිලී ගොස් මා නිරෝගිමත් මනසකින් හෙබි අයෙකු බවට පත් වුවත්. ප්‍රධාන ප්‍රශ්නය වූ ගැහැනු ළමයි ගැන කිසිදු ආශාවක් ඇති නොවුනි .පුරා වසරක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කල ද බාප්පා ඇතුලු පිරිස මගේ මනසේ ඇති කල විකෘර්තිය වෙනස් නොවුනි .
අවසන් සායනය දින ප්‍රධාන වෛද්‍ය වරිය අම්මාට මා ඉදිරියේ මෙසේ පැවසීය . (අමිමෙි මෙි පුතා මීට කලින් ආවා නමි මීට වඩා ගුණයක් ඇතිකර ගන්න තිබුනා. ඒත් නියපොත්තෙන් කඩන්න තිබුන දෙය දැන් පොරොවෙන් කපන්න වෙලා දරැවා ගොඩක් දුරදිග ගිහින් මෙයාට දැන් බෙහෙත් කලාට වැඩක් වෙන්නේ නෑ. දරැවා හොදින් බලා ගන්න. ) අම්මාට එසේ පවසා ඇය දුරස් කල වෛද්‍ය වරිය මට මෙසේ පැවසීය .( පුතේ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවෙයි,ලංකාවෙි තහනම් වුනාට ලෝකෙට තහනමි නෑ. ඒ නිසා පුතා කැමති දෙයක් කරන්න විශ්වාස වන්ත අය පමණක් ඇසුරැ කරන්න.) යැයි කීවෙිය.වෛද්‍ය ප්‍රතිකාර වලින් මා සමලිංගිකත්වයෙන් මුදවා ගැනීමට නොහැකි තැන අම්මා සහ මම දේවාල ගානේ ගියේය. විවිධ ගුරැකමි කලේය.
විවිධ පිංකමි දානමාන පුද පූජා සිදු කලේය .නමුත් මගේ මෙි කාලකන්නි සිත වෙනස් නොවීය. අදටත් (100%ම) සමලිංගිකත්වයට බරවම පවතින්නේ ය. අදටත් මට (100%ම) ගැහැනු ගැන අබමල් රේණුවක් වත් ආදරයක් රාගයක් හැගීමක් නැත.මා අදටත් (100%ම)සමලිංගිකයෙකු ලෙස ජීවත් වෙමි.දැන් මා මෙය මගේ පූර්ව කර්මයක් යැයි සිතා සිත හදාගෙන ජීවත් වන්නේය .
දෙවන කොටස අවසන්. ඊලග තුන්වන කොටස ඉතා අසබිය බැවින් ද. මට ඔබලාගෙන් බැනුමි අසන්නට වෙන බැවින් ද .ප්‍රතිචාරය මත පල කිරීමට තීරණය කලෙමි.මෙතෙක් මා පලකල මගේ සත්‍ය ජීවිත කතාව තුලින් ඔබ යමක් ගත්තේ නමි මා ඉන් බොහෝ සතුටු වෙන අතර යමිකිසි වරදක් සිදු වූයේ නමි සමාව භජනය කර සිටිමි .

අනේ සාදු ගොඩක් දුක හිතුන 😓😓😖
ReplyDelete